2024 ජූලි මස 28 වන දින වව්නියාව කොක්එළිය ශ්‍රී බෝධි මළුව විහාරස්ථානයේදී
මෙදින ක්‍රියාත්මක කරනු ලැබූ වැඩසටහනෙහිදී ආර්ථික අර්බුද තත්වයන් හේතුවෙන් පිඩාවට පත්ව සිටින සිසු දරු දැරියන් වෙනුවෙන් අවශ්‍ය පාසැල් උපකරණ පරිත්‍යාගයන් කිරීමේ සත්කාරක වැඩසටහන සහ පුරාවිද්‍යා වටිනාකමක් සහිත උරුමයන් සුරැකීමේ ව්‍යාපෘතිය සඳහා දායකත්වය ලබාදීම සිදුකරනු ලැබුණි.
මොන්ටිසෝරි අධ්‍යාපනය ලබන දරු දැරියන් සඳහා අවශ්‍ය උපකරණ ලබා දීම.
ප්‍රදේශයේ ආගමික නායකයන් හට පරිත්‍යාගයන් සිදුකිරීම.
ආගමික සිද්ධස්ථාන පුනර්ජීවන කවයේ මැදිහත් වීම මත හොරොව්පොතාන ප්‍රා.ලේ කොට්ඨාශයේ පිහිටා ඇති පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට අයත් ඓතිහාසික වටිනාකමකින් යුත් කුලුමීමාකඩ ස්තූපයේ පිපිරීම් සිදුවී ඇති ස්ථාන පිළිසතර කර සංරක්ෂණ කටයුතු සිදු කිරීම සඳහා මූල්‍යමය දායකත්වයන් ලබාදීම.
ආගමික සිද්ධස්ථාන පුනර්ජීවන කවයේ මැදිහත් වීම මත සිදුකරනු ලබන පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට අයත් ඓතිහාසික හා පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුත් නාගල කන්ද රජමහා විහාරයේ පස් වලින් වැසී ඇති පිළිම ගෙය නැවත මතු කරගෙන අවශ්‍ය ප්‍රතිසංස්කරණයන් සිදු කොට සංරක්ෂණ කටයුතු සිදු කිරීමේ ව්‍යාපෘතිය සඳහා මූල්‍යමය දායකත්වයන් ලබාදීම.
අනුරාධපුර, දේවානම්පියතිස්සපුර ග්‍රාම නිලධාරී වසමේ පදිංචි උපතින් ශ්‍රවන හා කථන ආබාධ සහිත අවුරුදු 15ක වයසැති දැරියක් හට වැසිකිලියක් ඉදිකිරදීමේ කටයුත්තට දායකත්වය ලබාදීම. මෙම දැරිය මව්-පිය දෙදෙනාම නොමැතිව කිරිඅම්මා සමඟ දැඩි අපහසුතා මැද දිවිගෙවමින් සිටී.