ධර්ම ග්‍රන්ථ සහ වියළි අහාර ද්‍රව්‍ය ඇතුළු පාසැල් උපකරණ බෙදා දීමේ පිංකම


 

2023 අප්‍රේල් මස 08 වන දින යාපනය සහ නාවක්කුලිය ප්‍රදේශයන්හිදී.

මෙදින ක්‍රියාත්මක කරනු ලැබූ වැඩසටහනෙහිදී ඉතා අඩු ආදායම් ලාභී පවුල් සඳහා වියළි ආහාර ද්‍රව්‍ය සහ පාසැල් අධ්‍යාපනය ලබන ළමුන් සඳහා අවශ්‍ය පාසැල් උපකරණ ද යාපනය නාග විහාරය, යාපනය මහජන පුස්තකාලය සහ දුම්රිය ස්ථානය මූලික කරගෙන අදාළ පරිත්‍යාගයන් පහත සඳහන් පරිදි සිදුකරනු ලැබිණි.

  • යාපනය, නාවක්කුලිය ප්‍රදේශයේ පාසැල් යන ළමුන් 35ක් සදහා අවශ්‍ය පොත් පෑන්, පැන්සල් ප්‍රධානය.

  • නාවක්කුලිය ප්‍රදේශයේ පවුල් 25ක් සදහා වියළි ආහාර ද්‍රව්‍ය බෙදා දීම.

  • යාපනය මහජන පුස්තකාලය සදහා පොත් ප්‍රධානය කිරීම.

  • යාපනය දුම්රිය ස්ථානයෙහි වෙන්කර ඇති පුස්තකාල අල්මාරිය සදහා පොත් ප්‍රධානය කිරීම.

  • යාපනය ප්‍රදේශයේ පවුල් 15ක් සදහා වියළි ආහාර ද්‍රව්‍ය බෙදා දීම.

  • යාපනය නාග විහාරය සඳහා ධර්ම ග්‍රන්ථ පූජා කිරීම.

  • නාවක්කුලිය සහ නාග විහාරය යන විහාරස්ථාන්ට පිරිකර පුජා කිරීම.