වාර්ෂික ත්‍රිපිටක පූජා පිංකම සහ ධර්ම ග්‍රන්ථ ඇතුළුව වියළි ආහාර ද්‍රව්‍ය පූජා කිරීමේ පිංකම


 

2022 ජූනි මස 04 වන දින අම්පාර, ගෝනගල, ශ්‍රී විද්‍යාසිරි මූලික පිරිවෙනහිදී

මෙදින ක්‍රියාත්මක කරනු ලැබූ වැඩසටහනෙහිදී අති දුෂ්කරතා මධ්‍යයේ බුදු සසුන රකින ස්වාමීන් වහන්සේලා 15 නමක් වැඩසිටින ශ්‍රී විද්‍යාසිරි මූලික පිරිවෙන් විහාරස්ථානයට පහත සඳහන් පූජාවන් සිදු කෙරිණි.

  • පිරිවෙන් අධ්‍යාපනය ලබන ස්වාමීන් වහන්සේලා සහ උතුම් පැවිදි බව ලැබීමට අපේක්‍ෂාවෙන් සිටින කුල දරුවන් 4 දෙනෙකු වෙනුවෙන් පිටු 200 CR පොත්, පෑන් සහ ධර්ම ග්‍රන්ථ.

  • විහාරස්ථානයට සහ ගිලන්ව වැඩසිටින පරිවේනාධිපති ස්වාමීන් වහන්සේට බෙහෙත් ද්‍රව්‍ය ලබා ගැනීම වෙනුවෙන් මුල්‍යමය පිරිකර

  • විහාරස්ථානය සඳහා වියළි ආහාර සහ බෙහෙත් ද්‍රව්‍ය ලෙස සීනි, නූඩ්ලස් පැක්, තේ කොළ, සෝයා මීට් පැකට්, දත් බෙහෙත්,දත් බුරුසු, බිස්කට්, රින්සෝ, සබන්, පරිප්පු, මිරිස් කුඩු, කෑලි මිරිස්, සුදු ලූණු, පෙනඩෝල් පැකට් ආදිය.

  • ගම්වාසී ළමුන් සඳහා පාවහන්, ඇඳුම්, කියවීම් සහ වැඩ පොත් ඇතුළු පාසැල් උපකරණ




 


 

2022 ජූනි මස 05 වන දින අම්පාර, ඉඟිණියාගල, ශ්‍රී විද්‍යාරාජ පිරිවෙණහිදී

මෙදින ක්‍රියාත්මක කරනු ලැබූ වැඩසටහනෙහිදී අති දුෂ්කරතා මධ්‍යයේ පිරිවෙන් අධ්‍යාපනය ලබන ස්වාමීන් වහන්සේලා වෙනුවෙන් ශ්‍රී විද්‍යාරාජ පිරිවෙණ සඳහා පහත සඳහන් පූජාවන් සිදු කෙරිණි.

  • ග්‍රන්ථ 57 කින් යුත් සම්පූර්ණ ත්‍රිපිටක ග්‍රන්ථ කට්ටලය සහ ග්‍රන්ථ 47 කින් යුත් සම්පූර්ණ ත්‍රිපිටක අටුවාව ග්‍රන්ථ කට්ටලය

  • ස්වාමීන් වහන්සේලාගේ පරිශීලනය සඳහා ධර්ම ග්‍රන්ථ

  • සියළු ග්‍රන්ථ සුරක්ෂිතව ගබඩා කර තැබීම සඳහා පොත් කබඩයක්

  • විහාරස්ථානයේ සංවර්ධන කටයුතු වෙනුවෙන් මුල්‍යමය පිරිකර


මීට අමතරව සියළු කටයුතු සංවිධානය සහ විහාරස්ථාන සම්බන්ධීකරණ කරමින් අනුරාධපුර සිට අදාළ විහාරස්ථානයන් වෙත සියළු පූජා භාණ්ඩ ප්‍රවාහනය කරදුන් අනුරාධපුර, විහාර හල්මිල්ලකුලම ශ්‍රී සුගත මහා විහාරස්ඨානයේ විහාරාධිපති පුජ්‍ය ගෝනගල ඥානාලෝක ස්වාමීන් වහන්සේ වෙනුවෙන් එම විහාරස්ථානයේ ක්‍රියාත්මක වෙමින් පවතින "ධර්ම දූත භික්ෂු පුහුණු පාඨමාලාව" හි ඉංග්‍රීසි බසින් ධර්ම අධ්‍යාපනය ලබන ශිෂ්‍ය ස්වාමීන් වහන්සේලා සඳහා ධර්ම පරිශීලක ග්‍රන්ථ සහ විහාරස්ථානයේ සංවර්ධන කටයුතු වෙනුවෙන් මුල්‍යමය පිරිකර පූජා කිරීමද අවසාන වශයෙන් සිදුකෙරිණි.