කොරෝනා උවදුරින් පීඩාවට පත් ප්‍රජාව සඳහා සිදුකරනු ලැබූ සත්කාරක වැඩසටහන


 

1 වන අදියර : 2021 ඔක්තෝබර් මස 02 වන දින බුත්තල, පටිසෝතගාමී විපස්සනා භාවනා මධ්‍යස්ථානයේදී.

වැඩසටහනේ පළමු අදියරේදී, බුත්තල නගරයේ සිට කිලෝමීටර් 18ක පමණ දුරකින්, ඉතා දුෂ්කර ගමක පිහිටි “පටිසෝතගාමී විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ” වැඩසිටින මෙහෙණින් වහන්සේලා 5 නමක් වෙනුවෙන් දානය පිළියෙළ කර ගැනීම සඳහා අත්‍යවශ්‍යව පවතින වියළිි අහාර ද්‍රව්‍ය පුජා කිරීම.


 

2 වන අදියර : 2021 ඔක්තෝබර් මස 16 සහ 17 වන දිනයන්හි අනුරාධපුරයේ මධ්‍යම නුවර ගම් පළාතේ ප්‍රාදේශීය ලේඛම් කොට්ටාශ 3ක් සදහා.

බෞද්ධ, කතෝලික, හින්දු සහ මුස්ලිම් යන පූජනීය ස්ථාන 4ක් සහ ගිහි පවුල් 12ක් වෙනුවෙන් දේශීය ඖෂධ වර්ග ඇතුලුව ද්‍රව්‍ය 22කින් යුත් වියළි ආහාර මලු බෙදා දීම.


 

3 වන අදියර : 2021 ඔක්තෝබර් මස 18 වන දින අවිස්සාවෙල්ල, රුවන්වල්ල වත්ත, මුත්තුමරි අම්මාන් කෝවිලහිදී.

රුවන්වල්ල වත්තහි පදිංචි වතු දමිළ ප්‍රජාව වෙනුවෙන් ක්‍රියාතමක කරනු ලැබූ මෙම වැඩසටහනේදී ඉතා අඩු ආදායම් ලාභී පවුල් 27ක් වෙනුවෙන් දේශීය ඖෂධ වර්ග ඇතුලුව ද්‍රව්‍ය 22කින් යුත් වියළි ආහාර මලු, මාස්ක් සහ ළමුන් සදහා රසකැවිලි බෙදා දීම.