අඩු ආදායම් ලාභී පවුල්හි ළමුන් සඳහා පාසැල් උපකරණ පරිත්‍යාග කිරීම


 

2020 ජනවාරි මස 11 වන දින මරදන්කඩවලදී සහ ජනවාරි මස 29 වන දින අනුරාධපුරදී.

උතුරු මැද පළාතේ සංඝ සභා 5න් (අනුරාධපුර, පොලොන්නරුව, කැබිතිගොල්ලෑව, රාජාංගනය, කලා වැව) පාසැල් අධ්‍යාපනය ලබන ළමුන් සිටින අඩු ආදායම් ලාභී පවුල් 100ක් තෝරාගෙන සෑම පාසැල් දරුවෙක් / දැරියක් සඳහාම පහත සඳහන් පරිත්‍යාගයන් සිදු කරන ලදී.

  • පාසැල් බෑග්

  • පාසැල් පොත්

  • පෑන්, පැන්සල්, අඩි කෝදු

  • කවකටු පෙට්ටි

  • වතුර ගෙනයන බෝතල්


"සෙත්රො සමාජ සත්කාරක සංවිධානය" සහ අනුරාධපුර "ශ්‍රී සුගත මහා විහාරස්ථ කාර්ය සාධක සමිතිය" එක්ව ක්‍රියාත්මක කෙරුණු මෙම ව්‍යාපෘතිය සඳහා පූර්ණ මූල්‍යමය දායකත්වය, තම මවට පින් පිණිස වජිර කුමාර මහතා විසින් දරනු ලැබීය.

> මරදන්කඩවල පැවති පුණ්‍යයෝත්සවය - 2020/01/11





> අනුරාධපුර පැවති පුණ්‍යයෝත්සවය - 2020/01/29